Wednesday, April 24, 2013

8. ලකෆ්‍රෑන්ස්ගෙන් ලියුමක්!!!!!

පහු ගිය ටිකේ ලකෆ්‍රෑන්ස්ට බොහෝ ඊ  මේල්ලු ආවේය.ලකෆ්‍රෑන්ස් ඒ හැම ඊමේල්ලුවක්ම කියෙව්වේය.උත්තරද යැව්වේය.ලකෆ්‍රෑන්ස්ට ලිව්ව ඈයෝ ඒබව දන්නේය.මේ ලියමන එහෙම පිළිතුරු ලිව්ව ලියමනක් නෙමේය.බ්ලොග් අවකාශේ නිතර එහෙ මෙහේ යන පුන්චි කොලුගැටයෙක්ට ලකෆ්‍රෑන්ස් ලිව්ව ලියමනක්ය.අනුන්ට යවනා ලියුම් ප්‍රසිද්ධ කිරීම හොඳ වැඩක් නෙමේය.ඒත් ලකෆ්‍රෑන්ස්ගේ ඇති හොඳක් නැත්තේය.ඒ නිසා මේ ලියුම් ගණුදෙනුව ප්‍රචාරය කරන්නේය.



ආදරණීය හර්ෂන අධිකාරී මල්ලියා වෙතයි,

  සුබ වේවා! රාජ සම්පත් ලැබේවා!  

ඉතින් මගේ මල්ලියේ.උඹේ ජීවිතේ සැපෙන් ගෙවෙනවා නේද.මගේ ජීවිතයද ඉතාම සැපෙන් ගෙවනවා.උඹව අන්තිමට දැකලා අදට හරියටම දවස් 3ක්.මේ දවස්වල රාජකාරී කටයුතු එහෙම කොහොමද?හොඳින් කරගෙන යනවා නේද?උඹ බිල්ඩින් හදන ලොකු කොම්පැනියක වැඩ බලන බව මට ආරන්චි විය.හොඳයි හොඳයි.අනාගතයේ ඉංජිනේරුවෙක්ම වෙන්න ලැබේවා කියා ඉත සිතින්ම පතනවා.හැබැයි මල්ලියේ,ඉංජිනේරුවෙක් වෙන්න එහෙම ලේසියෙන් බැරි බව උඹ දන්නවා කියලත් හිතනවා.ඒ නිසා උඹේ ඉංජිනේරු බලාපොරොත්තුව වෙනුවෙන් උඹ ගොඩක් මහන්සි වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

මේ දවස්වල මෙහෙටනම් බොහෝම ගිරීස්මයි.උඹ ඉන්නා පැත්තේත් ඒ වගේම ගිරීස්මයි කියලා හිතෙනවා.මගේ මල්ලියේ, වැඩිය අව්වට එහෙම යන්න එපා.මේ කට්ට අව්ව ඔළුවට එච්චර හොඳ නැති බව ඩිස්පෙන්සරියේ දොස්තර මහත්තයා දවසක් මාත් එක්ක කිව්වා.උඹත් අසනීප වෙයි.
ඉතින් මල්ලියේ, හදිස්සියේම මේ ලියමන ලියන්න හිතුනේ උඹට වැදගත් කාරණාවක් ගැන කියන්නමයි.පහුගිය ඉරිදා දොහේ උඹ මහරගම තරුන සේවා සභාවේ පිට්ටනියේ සයිබර් අවුරුද්දට ඇවිත් ඉන්නවා දැක්කා.මම උඹ ළඟටම ඇවිත් ගොඩක් වේලා කතා කරකර හිටියත් උඹ මාව අඳුර ගත්තේ නැති බවනම් මට විශ්වාසයි.ඒකට කමක් නෑ කියමුකෝ.එදා දවස උඹ සයිබර් අවුරුද්දේ ගෙවපු හැටි මම හොඳටම බලාගෙන හිටියා.උඹ කාත් එක්කවත් වැඩිය බජනෙට ගියේ නැහැ.උඹේ පාඩුවේ එතන ඩීජේ කොල්ලො දෙන්නට එහා පැත්තේ තව උඹේ යාළුවෙක් එක්ක ඔහේ බලාගත්ත අතේ බලාගෙන ඉන්නවා මම දැක්කේ එක පාරක් දෙපාරක් නෙමේ.උඹ ඔය එහෙන් මෙහෙන් තරඟ දෙක තුනකට පෙනී හිටියට ගොඩක් වෙලාවට කළේ පාඩුවේ පැත්තකට වෙලා හිටපු එක නේ.උඹව අර කෙල්ලො දෙන්නෙක් කඩේ යවපු සිද්ධිය එහෙමත් මම දැක්කට නොදැක්කා වගේ හිටියේ උඹ වගේ එකෙක් තියෙන කුලෑටි කම අත ඇරලා එහෙමවත් කෙල්ලෙක්ට කඩේ යන එක හොඳ නිසාමයි.ඔය පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන පලයන් මගේ මල්ලියේ.තව අවුරුදු 12කින් විතර උඹට යාන්තම් කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන ෆොටෝ එකක් ගන්න එතකොටවත් පුලුවන් වේවි.

මල්ලියේ,උඹට එදා ඇයි ඔයාලා මොනවා කරන්නද ටී ෂර්ට් කාරයෝ ටිකක් අනන් මනන් කිව්වා කියන්නේ ඇත්තද?උඹ දවල්ට කකා ඉද්දි උන් දෙන්නෙක් උඹේ එහා පැත්තේ වාඩි වෙලා උඹේ නම ඇහුවද මගේ මල්ලියේ?ඊට පස්සේ උඹ නම කිව්වම,  උඹේ නමට ඉස්සරහින් නේද ගොං කෑල්ලක් තියෙන්නේ කියලා උන් ඇහුවම උඹට දුක හිතිලා අඬාගෙන එතනින් නැගිටලා ගියා කියන්නේ ඇත්තද මගේ මල්ලියේ?ඕකුන්ටනන් හොඳක් වෙන්නේ නැහැ උඹ වගේ අන්තිම අහින්සකයෙන්ට ඔහොම කිව්වට.අම්මපා මල්ලියේ.ඇස් දෙකටම ඇඬෙනවා මට මගේ මල්ලියා අඬාගෙන ආවා කියලා ඇහුවම.උඹ ඕවා ගැන එච්චර හිතන්න එපා මල්ලියේ.මේ ලෝකේ,මේ සමාජේ කරිම කූරයි.උඹලා වගේ අහින්සකයෝ අල්ලගෙන පස්ස පැත්ත පලන්නමයි මේකේ ඉන්න එකාලා උත්සාහ කරන්නේ.මගේ මල්ලියේ උඹ එහෙම ඕවට අහුවෙනවා නෙමෙයි ඕන්.

මගේ මල්ලියේ,උඹට තව කාරණයක් කියන්න ඕනේ.උඹ අද ඊයේ දාපු සයිබර් අව්රුදු ෆොටෝ පෝස්ට් දෙකම මම බොහොම කැමැත්තෙන් කියෙව්වා මගේ මල්ලියේ.ඒ පෝස්ට්නන් එළ, සුපිරි, පට්ට, මල් හතයි ඈ, නියම පෝස්ට් එකක්, ++++++, එක හුස්මට කියවගෙන ගියා., හිහ්, මාර රසයි බං, :), සුබ වේවා ! රාජ සම්පත් ලැබේවා !, *, බුහහා, පට්ට..., හික්ස්..., හයියෝ සල්ලි, ලොල් ම තමා. එළ ඈ!, එළ කතා....., හි හි හි....., කියෙව්ව ඔන්න....., ෆස්ටය...., මරු ...., ලොල් ...., හක්,,ඒක එල හලෝ, හොක් හොක්...!!, මරු බං..!, එක හුස්මටම කියවගෙන ගියා. මට කට උත්තර නැතුව ගියා, සාහිත්‍යය රස බේරෙනවා., පුග්, :), මම අද එක ද ?, හුරේ.. මම එක, මම එක ද මන්දා...?, ලොවෙත් නෑ, සිරා පෝස්ටුව, මාර රහයි, ජය, :-D :-D, ගති, මට ඇඩෙන්න වගේ, හොදට ලියල තියෙනව, ඔයානම් මාරයි අනේ, නෙදකිං, (Y) මල්ලියේ.

මේ තියෙන්නේ ඒ පෝස්ට් දෙකේ තිබ්බ ෆොටෝ දෙකක් නේද මල්ලියේ. 
 
ඒත් මගේ මල්ලියේ ඇයි මේ උඹ හැන්ගිලා ඉඳන් ගල් ගහන වැඩ කරන්නේ?මට හිතාගන්න බැරි ඒකයි මල්ලියේ.උඹ එදා දවසටම අර ටී ෂර්ට්කාරයෝ එකෙක් එක්කවත් නිකමටවත් කතා කරේ නෑ නේද මල්ලියේ.අඩුම තරමේ උන් යන එන කොරිඩෝර් එකකවත් හිටියේ නැහැ නේද මල්ලියේ.මම අහපු අහපු හැම එකාම කිව්වේ උඹ හොඳ කොල්ලෙක් හැබැයි පට්ට මෝඩයෙක්, මිනිහෙක්ගේ මූණ බලලා කෙළින් වචනයක් කියන්න කොන්ද පණ නැති එකෙක් කියලා මල්ලියේ.ඇයි මල්ලියේ රට්ටුන්ගෙන් මේවා අහගන්නේ?උඹව උඹේ අම්මා තාත්තා ඉංජිනේරුවෙක් කරන්න දත කන්නේ රටේ ලෝකේ එකාලගෙන් එක එක දහදුරා කතා අහන්නද මල්ලියේ?අනික එක එකා උඹට කී බෝඩ් වීරයා කියලා කියනවාත් මට ඇහිලා තියෙනවා මල්ලියේ.ඉතින් උඹ මේ කරන මෝඩ වැඩ දැක්කම රට්ටුන්ට උනත් උඹ ඇත්තටම කීබෝඩ් වීරයෙක් විතරයි, මූනට මුලිච්චි උනාම කලිසමේ චූ යන ගොන් තඩියෙක් කියලා හිතෙන එක අසාධාරණ නැහැ නේද මගේ මල්ලියේ.උඹට මගෙත් එක්ක ප්‍රශ්නයක් තියෙනවනන් ඇයි මල්ලියේ කෙලින් කියන්න බැරි.මම උඹව කන්නේ නැහැනේ මගේ මල්ලියේ.එක්කෝ එදා ඒ ටී ෂර්ට්කාරයෙක්ට හරි උඹට කියන්න තිබ්බනේ මල්ලියේ. ලකෆ්‍රෑන්ස් ලියන්නේ ඌ කියලා කව්ද එකෙක් කිව්වත් එක්කනේ මල්ලියේ.උඹට අඩුම තරමේ ඌට හරි කියන්න තිබ්බනේ උඹට තියෙන ප්‍රශ්නේ.මීට පස්සේ ඔහොම කරන්න එපා මගේ මල්ලියේ.උඹට කාට හරි කියන්න දෙයක් තියෙනවනන් කෙලින් ඒක ඒ අදාල පුද්ගලයාටම කියපන් මගේ මල්ලියේ.ඒක තමයි නියම පිරිමිකම මල්ලියේ.මූනට මුලිච්චි උනාම ආඳා වගේ ලිස්සලා ඇවිදින් ගෙදර ඉඳන් කාමරේ දොරත් වහගෙන බෙඩ් ශීට් එකකින් ඔලුවේ හිටන් වහගෙන කම්පියුටරේ ඉස්සරහා වාඩිවෙලා හිතින් හදාගත්ත හතුරන්ට රිඹ යන්න කී බෝඩ්වලින් ගහන එක නෙමේ මල්ලියේ පිරිමිකම.
මේවා උඹ පොඩිකමට කරන වැඩ මල්ලියේ.මේවා බලලා මම උඹ කොන්ද පණ නැති පොන්නයෙක් කියලාවත්, කී බෝඩ් වීරයෙක් කියලාවත් උඹට අනන් මනන් කියන්නේ නැහැ මල්ලියේ.හැබැයි උඹ මේ කරන වැඩවලින් උඹම ඒ ගති ලක්ෂන දෙකම උඹේ ජීවිතේට රෙජිස්ටර් කරගන්නවා මල්ලියේ.එහෙම කරගන්න එපා මල්ලියේ.ඒක උඹේ අනාගතේට හොඳ නැහැ මල්ලියේ.නිකන් හිතපන් මල්ලියේ,උඹ තව අවුරුදු කීපයකින් රටේ නමගිය කොම්පැණියක ඉංජිනේරු රස්සාවකට ඉල්ලුම්කරලා ඉන්ටර්වීව් ගියාම, ඉන්ටවීව් බෝඩ් එකේ එකෙක් නිකමට හරි උඹේ නම ඉන්ටර්නෙට් එකේ හෙව්වම, උඹ කී බෝඩ් වීරයෙක්, කොන්ද පන නැති පොන්නයෙක්, මිනිහෙක්ගේ මූණ බලලා කතාකරන්න බැරි තරම් මන්ද මානසික හිවලෙක් කියලා ආවොත් එහෙම උඹට ඇතිවෙන තත්වේ.ඒ නිසා මගේ මල්ලියේ දැන්ම තියාම උඹේ ඒ ගතිගුණ වෙනස් කරගනින් මල්ලියේ.මම මෙච්චර උඹට කිව්වේ උඹ තාම අවුරුදු 21 පොඩි එකා නිසයි මල්ලියේ.උඹට තව ගොඩක් දුර යන්න තියෙනවා මගේ මල්ලියේ.ඉන්ටනෙට් එකේ උඹේ හොඳ නම නැතිකරගන්න එපා මගේ මල්ලියේ.මොකද අනාගත ලෝකේ හැමදේම තියෙන්නේ ඉන්ටනෙට් එකේ.මගේ මල්ලියා අනාගත ඉංජිනේරුවෙක් හින්දා අනාගන්නේ නැතුව මම කිව්ව දේ තේරුම්ගනී කියලා මම හිතනවා.
එහෙනන මගේ මල්ලියේ.අද ගොඩක් දේවල් ලිව්වා.ඉඩ තියෙන වෙලාවක මටත් ලියමනක් එවහන්.ඉන්ටනෙට් එකෙන් තැපැල්ගාස්තු ගන්නේ නැති නිසා උඹට වියදමක් යන්නෙත් නැහැ නේ.එහෙනන් මගේ මල්ලියේ,මම නවතින්නන්.උඹටත් උඹේ පවුලේ සියලුමදෙනාටත් රත්නත්තරේ පිහිටයි.ආරස්සාවයි.

මම,
උඹට හැමදාම ආදරේ,
ලකෆ්‍රෑන්ස් අයියා!!!!!

ලියමන මෙතනින් අහවරය.අවුරුදු උත්සවේ ගැන ලියන්න දේවල්නන් බොහෝය.ඒවා ලියන්න පෝස්ට් 3ක්වත් අඩුමගානේ ඕනේ වේවිය.ඊළඟ පෝස්ට් එක නම්කිරීමේ අවස්ථාව ලකෆ්‍රෑන්ස් පාඨකයන්ට ලබා දෙන්නේය.අවුරුදු උත්සවේ ගැන ඉස්සෙල්ලාම ලියන්න ඕනෙ දේ තෝරන්නේ ලකෆ්‍රෑන්ස් පාඨකයින්ය. පාඨකයෝ ඉල්ලන දේ  ලකෆ්‍රෑන්ස් දෙනවාය.ඊළඟ පෝස්ට් එකෙන් හමුවෙන තුරු,

සුබ වේවා!!!!! රාජ සම්පත් ලැබේවා!!!!!

Thursday, April 18, 2013

7. සයිබර් ෆෙස්ටිවල් එකේදිත් මෙහෙම වෙයි නේද!!!!!

දැන් සිංහල බ්ලොග් අවකාසේ ඉන්නා බොහෝ දෙනෙක් දින ගනින්නේ සයිබර් ෆෙස්ටිවල් එක සදහාය. මේ වනවිට සංවිධායකයෝ ගජරාමෙට වැඩය. රටේ අට කොනේම ඉන්නා බ්ලොග් ලියන්නෝ සහ කියවන්නෝ එන්න දත කට මදින්නෝය. සයිබර් ෆෙස්ටිවල් එකට එන්නේත් ගම්පහ ආව එවුන්ම නිසා පොඩි විස්තරයක් කියන්නට ලකෆ්‍රෑන්ස්ට හිතෙන්නේය. මේ විස්තරේ දිගහරින්නේ සිංහල බ්ලොග් මුවාවෙන් තෙල් මාරුකරගන්න ගෑණු හොයනා බඩුකාරයන් ගැන හුදී ජනයා දැනුවත් කිරීම සදහාමය.

ගම්පහ ගෙට්ටුවේ රස්නේ දැන් ඉවර උනත් ගම්පහදී වෙච්චි දේවල්වල රස්නේ තාම ඉවර නැතිය. ලකෆ්‍රෑන්ස් පාඨකයෙක් දවස් ගානක් තිස්සේ එව්ව මේල්ලු බර තොගයක තොරණ් විස්තරයක් එළියට දාන්න ලකෆ්‍රෑන්ස් සැරසෙන්නේය. මේ විස්තර එකක්වත් ලකෆ්‍රෑන්ස් හොයාගත්ත ඒවා නෙමේය. මේ කුණුගොඩවල් හොයා බලා ඒවා ලකෆ්‍රෑන්ස්ට එව්ව ලකෆ්‍රෑන්ස් පාඨකයාට ලකෆ්‍රෑන්ස් බොක්කෙන්ම ස්තූති කරන්නේය. මේ වගේ පාඨකයෝ ඉන්න එක ලකෆ්‍රෑන්ස්ට ලොකු ශක්තියක්ය.

ලකෆ්‍රෑන්ස් පාඨකයා එව්ව මේල්ලු දම් පාටින් දැක්වෙන අතර ලකෆ්‍රෑන්ස්ගේ උත්තර කොළ පාටින් දැක්වෙනු ඇත. 

ආයුබෝන් !!
බ්ලොග් අවකාශය පුරා ඉන්න වෙසියෝ, වෙසාවෝ ගැන සැබෑව කෙලින් කතාකරන එක ගැන ඔබතුමාට බොහොම ස්තුතියි.. 
මාරයා සහ උගේ බඩුව ගැන එක දැකපු නිසා මේ ටිකත් කියන්නම්.. අර උමා කියල ඉන්න ගෑනි ගැනත් ලිව්වොත් නරකද? නාඩියා, තහනම් වචනයා,  ඕනමැන්ටලයා සහ කබ්බන්ගේ සෑමත් ඇතුළුව තව දෙතුන් දෙනෙක් එක්ක කාටවත් නොදැනෙන්න අවලමේ යන එකී ගැනත් ලිව්වොත් මොකෝ.. අවශ්‍ය නම් දෙන්නම් විස්තර ඔක්කොම.. සාක්ෂි එක්කම.
එළකිරි සහ ජලය..


තියෙන විස්තරයක් එවන්න.
 
අන්න පොටෝ රාජයෝ තුන්දෙනෙක් එවල ඇති.. දැනට ඔය ඇති. හොයල බැලුව නම් හැමෝම කිරිකොට් ගහද්දි සෑමා උමා එක්ක නටපු නාඩගම මොකද්ද කියල.. ඔව්වයේ පොටෝ අදාළ පාර්ශ්ව ළඟ ඇති...
(පොටෝ රාජයෝ තුන්දෙනා) 



  
 
මේවා හැමෝම දැක්ක ඒවා.දන්න විස්තර එවන්න.

  
හැම සිද්දියම කියන්න ගියොත් පට්ට කතාවක් කියන්න වෙයි.. මෙන් මේක බැලුවනම්..  

මේකී ආවේ මූ එක්ක..  මූ එක්ක එකට තමා ලු ඉගෙන ගත්තේ. අක්කයි මල්ලියි වගේලු. හැබැයි ආපු වෙලාවේ ඉඳන් උන් දෙන්න හිටියේ කොහොමද කියල දන්නෝ දනිති.. 

අරූ එක්ක ආපු ගෑණි ඉවර වෙද්දී හිටියේ සෑමා එක්ක.. ක්‍රිකට් ටී ෂර්ට් එක ඇඳගෙන ආපු එකාට මළ පැනල ගේම ඉල්ලන්න හදද්දී නාඩියා කියන එකා තමා ගේම ශේප් කරේ.. නැත්නම් එදා සෑමා හක්ක පන්නවගන්නව.. අන්තිමට සිරා කළේ ගේමටත් එක්කම ගීයෙන් ගීය තෑග්ග දෙන කොට ප්‍රසිද්ධියේම සැමා ලව්වා අරකිට උම්මා එකක් දීපු එක.. ඔරිජිනල් කොල්ලට ඇපත් නැතුව පොන්නය වගේ බලන් හිටියලු..


කොහොමත් බොග ලියන එවුන්ගේ මීටීම තියෙන එකේ තව ටාගට් එක වුණෙත් අලුතෙන් ගහන්න බඩු සෙට් කරගන්න එකය කියල රොබා ප්‍රසිද්ධියේම කිව්වා. සමහර විට ඌට එපා වෙලා මගදීම දාල ගියේ ඒ නිසා වෙන්නැති.. 
අටමා ශම්මිට ලයින්, 
තහනමා නාඩියාගේ හොර ෂොට් එකට (අර භාග්‍යා කියන එකීට) ලයින්.. 
තහනමාගේ අක්ක ෂොට් එකට (උමාට) සිරායි සැමායි දෙන්නම ලයින්.. 
ඒ අස්සේ අර සිත්තරී කියන එකී ඇහැට කණට පෙන හැම එකාටම නම්බරේ දිදී යනවා, රිංග් කරනවා නම් නවයෙන් පස්සේ රිංග් කරන්නලු. ඒ වෙලාවට වෙන්ඩ ඇති ඒකි ඇඟිල්ල ගහන්නේ. 
භාග්‍යා ආවේ කොල්ලත් එක්කලු.. හැබැයි හිටියේ නාඩියා එක්ක.. තහනමාගේ කලිසමේ සිප් එක කැඩුනම එක හදල දුන්නේ ඒකි තමා .. ඒකි තහනමා ඉස්සරහ දණගහගෙන සිප් එක හදනවා, නාඩියයි, කොල්ලයි දෙන්නම බලන් ඉද්දි.. වැල film එකක් වත් මේ තරම් ආතල් නැතිව ඇති.. 

ගෙට්ටුවේ උඹ නොදන්න සීන් තව කොච්චර තියේද බං..

ඊ මේල් ගණුදෙනුව එයින් අවසානය. මේ කතන්දරේ ගැන ලකෆ්‍රෑන්ස් ඒ හැටි දැන හිටියේ නැත. ඒත් ලකෆ්‍රෑන්ස් පාඨකයෝ ලකෆ්‍රෑන්ස් වෙනුවෙන් මේ හැම දෙයක්ම බලාකියාගන්නෝය. ඒ වගේ පාඨක ගැන්සියක් ලැබීම ලකෆ්‍රෑන්ස්ගේ වෙලාවය. 

මේ කතන්දරේ ගැන වැඩි විස්තර දන්නා පාඨකයෝ lakafrance@gmail.com හරහා ලකෆ්‍රෑන්ස් අමතනු ඇතැයි ලකෆ්‍රෑන්ස් බලාපොරොත්තු වන්නේය. ඒ වගේම මේ කතන්දරේ පට්ට පචයක් බව කව්රු හෝ සාක්කි සහිතව ඔප්පු කරනවානන් මේ පෝස්ට් එක ඒ මොහොතේම ගලවන බවටද ලකෆ්‍රෑන්ස් සහතික වන්නේය. ඒ බව කීවේ මෙය තනිකරම පාඨක ලිපියක් නිසාය.

මේ විත්තිය තකහනියේ ලිව්වේ සයිබර් ෆෙස්ටිවල් එකට එන්න හිතාගෙන ඉන්න ගෑණු පිරිමි හැම එකාටම පණිවිඩයක් දෙන්නය. සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම කියලා කිව්වට ඇත්තටම ඇති සහෝදරකමක් හෝ වින්දනීය හදගැස්මක් නැත. ඒනිසා එන හැමෝම තමන්ගේ ආරස්සාව තමන්ම වගබලාගැනීම සිදු කළ යුතුය. එහෙම නොකර සයිබර් ෆෙස්ටිවල් එක අවසානයේ එක එකාට දොස් පැවරීම හරක් වැඩක් වන්නේය.

ලකෆ්‍රෑන්ස්ට පැමිණි ලිපිය කිසිඳු සංස්කරණයකින් තොරව එළෙසම පළ කර ඇත. මෙම ලිපිය පිළිබඳ සම්පූර්ණ ගෞරවය එම ලිපියේ හිමිකාරීත්වය දරණ පුද්ගලයන් සතු විය යුතුය. 
ලකෆ්‍රෑන්ස් කළේ එය ප්‍රචාරය කිරීම පමණකි.

(ප/ලි)
ලකෆ්‍රෑන්ස් ලියන හැම පෝස්ට් එකටම කොහෙන් හරි කබ්බෝ සෙට් වෙන්නේ ඇයි ඕයි!!!!!
 

Monday, April 8, 2013

6. බ්ලොගේ වහපු දිල්ද? පිළිකාවෙන් මැරුණ මීනුද? ලිහිණි කිරිල්ලිද? ඔයා කව්ද?

Anonymous February 19, 2013 at 8:20 AM
යකෝ මේ වගේ වැඩකට නැති රෙද්ද වල් ලියන්නෙ නැතුව ලියපන්කො අර මීනු ශ්‍යාමේන්, දිලිනි දිලක්ෂිකා, ළිහිණි තාරුකා කියල සැරින් සැරේ නම් මාරු කර කර කොල්ලන්ගෙ දත ගලවන වෙට්ට පාසි ගැන.

Anonymous February 20, 2013 at 3:20 PM
දිල්,මීනු,ළිහිණි ගැනත් ලියන්න...බොරුසෝබන කතා ලියනවා,කොල්ලො රවට්ටගෙන සල්ලි ගරනවා..මේ තුන්දෙනාම එක්කෙනෙක්.........

Anonymous February 20, 2013 at 10:54 PM
බ්ලොගේ වහපු දිල්දAnonymous February 23, 2013 at 4:37 AM
ලකෆ්‍රාන්ස් මහත්තයෝ දැන් මේ මදැයි . තව ලියන්න නං කොයිතරං දේවල් තියනවද?ලිහිනි කියලා බ්ලොග් එකක් කරන් යන එක එක නම් වලින් රට වටේම කොල්ලෝ රවට්ටගෙන උන්ගෙන් සල්ලි කඩා ගත්ත දිල් නෝනා ගැනත් ලියමු. අන්න ඒ වගේ බ්ලෝග් විකුණන් කන උන් ගැන දැනුවත් කරා නං ඒක සෑහෙන්න වටිනවා.මීනු කියලා පිළිකාවක් හැදුනු කෙල්ලෙක් චරිතයක් රගපාලා කස්සව රවට්ටලා සල්ලි කඩා ගත්ත දිල් නෝනා දැන් අපූරුවට අලුත් රෙද්දකුත් ඇදගෙන ලිහිනි කියලා. ඒකට අපේ මේ පැණි ඇඹලයෝ ටික ගිහින් රැවටිලා දිගට හරහට පැණි පෙරනවා.දැනටමත් කී දෙනෙක්ව රවට්ටගෙන සල්ලි ගත්තද දන්නෙ නෑ.අන්න ඒ ගැනත් ලියමුකේ ලකෆ්‍රාන්ස් මහත්තයෝ....  

ඉල්ලීම් ගොඩක් විය. නමුත් ලකෆ්‍රාන්ස්ට ඒ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට හැකිවූයේ නැත. ලකෆ්‍රාන්ස් දිල්, මීනු, ලිහිණි නමින් පෙනී සිටිමින් බ්ලොග්කාරයන්ගෙන් ගාණ කපාගත් බ්ලොග්කාරිනිය ගැන වචනයක්වත් ලිව්වේ නැත. 
නමුත්  සත්‍යය කවදා හෝ එළිවේ. දිල්, මීනු, ලිහිණි නමින් පෙනී සිටි තැනැත්තියගේ සත්‍යය එළිවී ඇත. සිංහලෙන් කියනවානන් ඇයගේ රෙද්ද බෝස් ගා ගැලවී වැටී ඇත. ඒ රෙද්ද ගලෝපු විස්තරේ දවසකට දහයක් පහළොවක් කියවන බ්ලොග් කඩමාල්ලක නොව ලංකාවේ ජාතික පත්තරේක ෆුල් පේජ් එකක් ලෙස ගොස් ඇත. එය එසේ සිදුකිරීම පිළිබඳව ලකෆ්‍රෑන්ස් එම ලිපිය ලියූ, කරුණු සෙවූ සහ පත්තරේ පළකළ පාර්ෂවයන් සියල්ලටම තම අතිමහත් ස්තූතිය පළකරන්නේය. 

මේ ලකෆ්‍රෑන්ස් පාඨකයෙක් එවන ලද ලිපියකි. මෙම ලිපිය ඊයේ (අප්‍රේල් 7) රන්දිව ජාතික පුවත්පතේ පළවී තිබුණ බව ඒ පාඨකයා කියා තිබුණේය. පත්තරේ දුටු සටහන ටයිප් කර එවූ එම පාඨකයාට ස්තූතිය.

දිල් මීනු ලිහිණි ඔබ කව්ද?

අප ඇයව දන්නේ දිල් නමිනි. ඇය පිළිබඳ කතාබහ කරනා කිසිවකුත් ඇයව හැබහින් දැක නැත. නමුත් ඇය මනඃකල්පිත චරිතයක් නොවේ. එය එසේ වන්නේ කෙසේදැයි මම ඔබට කියන්නම්. මෙම කතාව ආරම්භ වන්නේ මෙයට වසර කීපයකට පෙරය. එනම් 2008 වසරේදීය. සිංහලෙන් බ්ලොග් අඩවි නිර්මාණය කරගෙන තම අදහස්, කවි, නිසඳැස්, කෙටිකතා හා විහිළු කතා ඉඳිරිපත් කිරීමේ උන්මාදයක් තරුණ තරුණියන් අතර ඇතිවූ කාලයයි. තරුණ තරුණියන්ට නිදහසේ නිර්මාණයක් එළි දැක්වීමට ප්‍රසිද්ධ වෙබ්සයිඩ් එකක් නිර්මාණය වීමත් සමඟම මෙම කතාවේ ප්‍රධාන චරිතය සමාජය ඉඳිරියට සම්ප්‍රාප්ත විය. ඇයද එම වෙබ් පිටුවේ කවි, නිසදැස් පළ කළාය. ඒ දිල් යන නමිනි. නොයෙකුත් මනඃකල්පිත නම්වලින් හා තම සැබෑ නමින්ද මෙම වෙබ් පිටුවේ කවි පළ කළ තරුණ තරුණියෝ සිටියෝය. මේ අතර මීනු නමින් තවත් චරිතයක් මෙකී වෙබ් කවි සංසදයට එකතු විය. මේ සියළු දෙනා යතුරු පුවරු පිටුපස සැඟවීගත් චරිත විය. කිසිවකුත් කිසිවෙකුව ඔවුන් කවි ලියනා නම්වලින් දැන හඳුනාගත්තා මිසක සැබවින්ම මෙකී චරිත කව්රුන්දැයි කියා දන්නේ නැත. ලංකාවේ පමණක් නොව වෙනත් විදේශ රටවල ඉගෙන ගන්නා රැකියාවල් කරනා ලාංකික පුද්ගලයන්ද සිංහල බසින් මෙම වෙබ් පිටුවට තම නිර්මාණයන් ඉඳිරිපත් කළෝය. ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නා ලාංකික තරුණයෙකුද මෙම නිදහස් පාරාදීසයේ තම අදහස්, කවි, නිසඳැස් එළිදැක්වූයේය. ඔහු නමින් කසුන් ය. මව්පියන් විසින් දහසක් බලාපොරොත්තු සිහින මැද ඔහුව ඕස්ට්‍රේලියාවට යවා තිබුණේ වැඩිදුර අධ්‍යාපනය සඳහාය. මුලින් සඳහන් කළ දිල් නමැති තරුණිය මීනු තමන්ගේ නැගනිය යැයි හඳුන්වා දී තිබුණි. මේ සියල්ල සිදුවන්නේ පරිගණකයේ කී බෝඩ් එක පිටුපස සිටිමිනි. මීනුගේ කවිවලට කසුන් පෙම් බදින්නට පටන් ගන්නේ ඇගේ කවි කාලයක් පුරා රසවිඳීමෙන් පසුවය. ටික කලකින් මීනු නමින් කවි ලියනා හැබහින් දැක නොමැති කතා කර නොමැති මේ තරුණියට ඔහු ආදරය කරන්නට පටන් ගන්නේය. ඒ වනවිට මීනු කියා තිබූ ආකාරයට ඇය සිටියේ ඉතාලි රටේය. ඇය ඉතාලි රට පිළිබඳවත් කවි පළ කළේය. ඊ මේල් හරහා කසුන් සහ මීනු දෙදෙනා කතාබහ කරන්නට පටන් ගන්නේ මේ අතරවාරයේදීය. කසුන් තම ආදරය ඊ මේල් හරහා මීනුට ඉඳිරිපත් කරයි. නමුත් මීනු එම ආදරය ප්‍රතික්ෂේප කරන්නේ ඇය පිළිකා රෝගියෙකු බවත් ඇයගේ ජීවිතයේ ඇති අනියත බවත් කීමෙනි. එයින් කසුන් මහත් කම්පාවට පත් වෙයි. මේ අතර දිල් නමින් කවි පළකරනා මීනුගේ අක්කා යැයි හඳුන්වා දී ඇති දිල් කසුන්ට ඇය ආදරය කරන්නේ යැයි පවසයි. කසුන් එය ප්‍රතික්ෂේප කරන්නේ ඔහු ඇයගේ නැගණියට ආදරය කරන බව පැවසීමෙනි. මෙකී චරිත තුනේ කතාව සැබවින්ම ආරම්භ වන්නේ එකිනෙකාට තම ආදරය ප්‍රකාශ කිරීමේ තැන සිටය.
මේ අතර මීනු පිළිකා රෝගය ඇතිවීමට පෙරදී ගත් යැයි කියන ඇගේ ඡායාරූප කීපයක් ඕස්ට්‍රේලියාවේ සිටින කසුන්ට ඊ මේල් කරයි. එම ඡායාරූප දකිනා කසුන් තව තවත් මීනුට පෙම් බඳින්නට පටන් ගන්නේ එම ඡායාරූපවල සිටින මීනු නම් වු තරුණියගේ රූමත් බව දැකීම නිසාය. ඉතාලියේ ජිවත්ව සිටිනවායැයි කියූ මීනු ලංකාවට පැමිණෙන්නේ මේ අතරවාරයේදීය. දිල් නමැති ඇයගේ සහෝදරිය ජීවත් වී සිටින්නේ ලංකාවේ තම මව්පියන් සමඟ යැයිද මීනු මුලදීම කසුන්ව දැනුවත් කර තිබුණි. ලංකාවට පැමිණෙන මීනු ඩයලොග් නම්බර් එකක් කසුන්ට ලබා දෙන්නේ එයට කතා කිරීමටය. කසුන් ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ සිටින මීනුට කතාබහ කිරීමට පටන් ගන්නේය. පිළිකා රෝගය නිසා කසුන්ගේ ආදරය බාරගැනීමට නොහැකි යැයි කියූ මීනු නමැති තරුණිය ලංකාවට පැමිණි පසු කසුන්ගේ ආදරය බාරගනී.
දෙදෙනා දුරකතනය ඔස්සේ ආදරය කිරීමට පටන් ගනී. එසේම දෙදෙනා විසින් බ්ලොග් අඩවි නිර්මාණය කර ඒවා ඔස්සේ ආදරය වෑහුන කවි පදවැල් එළි දැක්වීමට පටන් ගන්නේය. දැන් දෙදෙනා සිටින්නේ පිවිතුරු ආදරය විඳිමිනි. මීනුගේ අක්කා වන දිල් ද කසුන්ගේ හා මීනුගේ ආදර සම්බන්ධතාවය අතරට පැමිණෙන්නේ ක්‍රම ක්‍රමයෙනි. තමන් ආදරය කරන මීනුගේ කටහඩ පමණක් අසා ඇති කසුන්ට ඇය දැක ගැනීමට බලවත් උවමනාවක් ඇති වෙයි. තාක්ෂණය දියුණුය. නොයෙක් ක්‍රම හරහා වෙනත් රටවල සිටිනා අයට එකිනෙකා දැකබලාගැනීමට හැකිය. ස්කයිප් හරහා මීනුව දැකබලාගැනීමට කසුන්ට උවමනා වෙයි. නමුත් මීනු පවසා සිටියේ තමන් පිළිකා රෝගය නිසා බොහෝමත් විඩාබරව සිටින නිසාත් ඇයගේ රූපය ඔහුට එවූ ඡායාරූපවල මෙන් නොවන බවත්ය. එසේ වුවත් තමන් ආදරය කරන්නේ රුවට නොවන බවත් එම නිසා ඇයගේ දැන් පෙනුම කිසිසේත්ම තමන්ට අදාළ නොවන බවත් කසුන් තරයේ කියා සිටියේය. නමුත් කසුන්ගේ අදහසට අකමැතිවන මීනු කියා සිටියේ තමන්ගේ හිස කෙස් සියල්ල පිළිකා රෝගකාරකය නිසා හැලී ගොස් ඇති නිසා තමන්ට එම අයුරින් කසුන් ඉදිරියට පැමිණෙන්නට නොහැකි බවයි. පිළිකා රෝගය සෑදී අසාධ්‍යව සිටින සිටින තම පෙම්වතියට දැක්වූ තදබල ආදරය නිසාවෙන් කසුන් මීනුගේ අදහසට විරුද්ධව කිසිවක් කීවේ නැත. මේ අතරවාරයේ දිල්ද කසුන්ට කතා කිරීමට පටන් ගත් අතර ඒ තම නැගණියගේ රෝගී තත්වය පිළිබඳ වැඩි විස්තර කීමටය.
මීනු නිරන්තරයෙන් අසනීප වන්නටද විය. තම මව්පියන් අධ්‍යාපන කටයුතු සඳහා එවන මුදල පමණක් කසුන්ට හිමිවී තිබුණ නිසා ඔහු අත වැඩිපුර මුදල් ගැවසුනේ නැත. නමුත් පිළිකා රෝගයෙන් පීඩා විඳින තම පෙම්වතියට හැකි ආකාරයෙන් උපකාර කිරීමට ඔහුට අවශ්‍ය වූ නිසා කසුන් ඕස්ට්‍රේලියාවේ ඉන්ධනහල්වල සහ කැෆේවල පුංචි පුංචි රැකියා කිරීමට පටන් ගත්තේය. එසේ දුක් මහන්සියෙන් උපයාගත් මුදල් ඔහු වියදම් කළේ මීනුටය. ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ ජීවත් වන මීනුට මුදල් එවීමට ඔහුට මීනුගේ බැංකු ගිණුම් අවශ්‍ය වුවද මීනු ඔහුට ලබා දුන්නේ තම සහෝදරියගේ බැංකු ගිණුමයි. එය එසේ කිරීමට හේතුව වශයෙන් ඇය කසුන්ට දැක්වූයේ තමන්ගේ හිසකෙස් සියල්ල හැලී ගොස් ඇති නිසාත් නිරන්තරයෙන් නිවස තුළත් රෝහලේත් කල් ගතකරන බැවින් බැංකුවට යාමට තරම් වේලාවක් හෝ ශාරීරික ශක්තියක් ඇයට නැති බවයි. මීනුගේ ජංගම දුරකතන බිල් මෙන්ම ඇයට අවශ්‍ය ප්‍රතිකාර සඳහාත් කසුන් විය පැහැදම් කළේ ඕස්ට්‍රේලියාවේ දුක්විඳ උපයාගත් මුදල් ය. වසර තුනක් ඔහුගේත් මීනුගේත් ප්‍රේමය ගලා ගියේය. එහෙත් මේ වසර තුන තුළදී එකවරක්වත් ඔහු මීනුව හැබහින් දැක තිබුණේ නැත. කෙටි නිවාඩුවලදී කසුන් ලංකාවට පැමිණි නිතරම වාගේ මීනු සිටියේ රෝගාතුර වී ඇයගේ නිවස තුළය. නැත්නම් රෝහල තුළය. බලෙන් හෝ ඇයව බැලීමට උත්සාහගත් සෑම මොහොතකදීම මීනු ඔහු හා ගැටුම් ඇතිකරගත්තාය. ඇයගේ තර්කය වූයේ හිසකෙස් හැළී ගිය, කෘෂ වූ තමාව දැකීමෙන් පසු කසුන්ට තමාව එපා වේ යැයි කියාය. මේ අතරවාරයේ රෝගය උත්සන්න වී මීනු දකුණු අප්‍රිකාවට යන්නේ එහි රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමටය. මෙයින් බොහෝ සේ දුක්වන කසුන් ඇයට අවශ්‍ය කරන මුදල් ඇය ලබාදුන් බැංකු ගිණුමට බැර කරයි. දකුණු අප්‍රිකාවට ගිය මීනු ඩයලොග් අංකයකින් කසුන්ට කතා කරන්නේ තමාගේ අංකයට රෝමිං පහසුකම ඇති බව පවසමිනි.
පිළිකා රෝගයෙන් පීඩා විඳින තම පෙම්වතිය වෙනුවෙන් කසුන් නොකළ දෙයක් නැත. ඕස්ට්‍රේලියාවේ ඇති පන්සල්වලට ගොස් ඔහු බුදුන්ගෙන් තම පෙම්වතිය බේරා දෙන ලෙස ඉල්ලුවේය. මිනු කැමති සියල්ලම ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවත එව්වේය. රෝගීව සිටින මීනු හේතු සාධක නොමැතිව කසුන් සමඟ නිතරම ගැටුම් ඇති කර ගත් අතර එම ගැටුම් අවස්තාවලදී ඉතා අසභ්‍ය ලෙසින් කසුන්ට බැණ වැදුනේය. කසුන් වෙනත් තරුණියන් සමඟද සම්බන්ධතා ඇතැයි කසුන්ව සැක කළාය. මෙයින් දිනෙන් දිනම කසුන්ගේ යහපත් මානසික මට්ටම පහත වැටුනේය. ඔහුගේ අධ්‍යාපන කටයුතු පවා මගහැරුණේය. තවත් විටෙක මීනු කසුන්ට පවසා සිටියේ තමන් වැඩිකල් ජීවත් නොවන බවත් එම නිසා තම අක්කා සමඟ සම්බන්ධතාවයක් ඇතිකරගන්නා ලෙසයි. එයත කසුන් දැඩි ලෙස තම අකමැත්ත ප්‍රකාශ කළ දින සිට මෙම ගැටළුව උග්‍ර විය. මීනුට අවශ්‍යව තිබුණේ තම සහෝදරියව තම පෙම්වතාට බාර දීමටය. ඒ ඇය වැඩිකල් ජීවත් නොවන බව ඇය දැන සිටි බැවිනි. මෙය ඉතා ගැටළුකාරී තත්වයක් වූ නිසාත් මීනු ඉතාම ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට පටන් ගත් නිසාත් එයින් අසරණ වූ කසුන් තීරණය කළේ මෙම ආදර සම්බන්ධතාවට කෙටි විරාමයක් ලබා දීමටය. එසේ ඔහු තීරණය කිරීමට මූලිකම හේතුව වූයේ පිළිකා රෝගයෙන් පීඩා විඳින තම පෙම්වතියට තව තවත් මානසික අර්බුධ ලබා නොදිය යුතු නිසාය.
මීනුගෙන් තාවකාලිකව අයින්ව සිටි කසුන් එයින් ලැබුවේද මහත් වේදනාවකි. උදාවන්නේ 2012 වසරයි. වසර තුනක ප්‍රේම සම්බන්ධතාවට කෙටි විරාමයක් දුන් කසුන්ට කෙටි කලකින්ම දැනගැනීමට හැකිවන්නේ මීනු පිළිකා රෝගයෙන් මියගිය පුවතයි. මුළු ලෝකයම ඔහු පාමුළ කඩාවැටී සුණු විසුණුව යන අතර ඇයගේ මළගමට කෙසේ හෝ සහභාගීවීමට ඔහුට අවශ්‍ය වෙයි. නමුත් වසර තුනක් ප්‍රේම කළද මීනු ස්ථිර ලිපිනයක්ද ඔහුට දී තිබුණේ නැත. ලංකාවේ සිටි අනෙකුත් මිතුරන්ද මීනු දැක තිබුණේත් කිසිඳු විස්තරයක් දැන සිටියේත් නැත. දිල්ට කතා කිරීමට ගත් උත්සාහයද අසාර්ථක වූයේ ඇයගේ දුරකතනය ක්‍රියා විරහිත කර තිබූ නිසාය. බෙහෙවින්ම අසරණ වන කසුන් සිය දිවි නසාගැනීමට අතෙත් කරයි. නමුත් ඔහුගේ යාළු මිත්‍රයන් විසින් ඔහුව බේරාගනී. ඔහු වෙනුවෙන් කිරීමට හැකි දාන දීම හා බණක් කියවීම ඔහු ඕස්ට්‍රේලියාවේ පන්සලේ හාමුදුරුවන්ගෙන් සිදුකරවා ගනී. මේ අතර වෙබ් පිටුවේ කවි නිර්මාණ පළ කළ අනෙකුත් තරුණ තරුණියන් එකතුව මීනු කසුන්ට පෙර කලකදී එවා තිබූ ඡායාරූපයක් ගෙන එහි නිවන් සුව අත්වේවා යනුවෙන් සටහන් කළ මරණ දැන්වීමක්ද නිර්මාණය කරයි. තම පෙම්වතිය අහිමි වීමෙන් මානසිකව ඇද වැටෙන කසුන්ගේ අධ්‍යාපන කටයුතුද බිඳවැටෙයි. මේ කතාව අවසන් වන්නේ මෙතැනින් නොවේ.
කතාවේ අවසානය ආරම්භ වන්නේ දිල් නමැති තරුණිය ලංකාවේ ජීවත්වන කසුන්ගේ මව්පියන් මුණ ගැසීමට ඔවුන්ගේ නිවස කරා යාමත් සමඟමය. කිසිවෙකුත් මෙතෙක් දැක නොමැති දිල් නමැති චරිතය ප්‍රථමයෙන්ම දැක බලාගැනීමේ අවස්ථාව හිමිවන්නේ කසුන්ගේ මව්පියන්ටය. එම අවස්ථාවෙන් පසු අද වෙනතුරු ඇයව කව්රුවත් දැක නැත. කසුන්ගේ නිවසට පැමිණි දිල් පවසා ඇත්තේ මීනු නම් වූ තම නැගණිය පිළිකාවකින් මිය ගිය බවත් ඇය හා කසුන් එකිනෙකාට ආදරය කළ බවත් ය. එසේම තම නැගණියගේ අවසාන කැමැත්ත වූයේ තමන් කසුන් සමඟ එකතු වීම බවත් ය. මෙම කතාවෙන් ඉතාම විශ්මයට පත්වූ කසුන්ගේ මව්පියන් කසුන්ට දන්වා සිටියේ පිරිමියෙක් වැනි ගැහැනියක් නිවසට කඩා වැදී පවසා සිටි කතාවේ සත්‍ය අසත්‍යතාවයය. තමන් වැඩි දුර අධ්‍යාපනය සඳහා විදේශගතකළ තම පුතු අතිරේක රැකියාවල් කරමින් පිළිකා රෝගයක් සෑදී තිබූ කිසිම දවසක දැක නැති තරුණියකට වියදම් කළේ යැයි ඔවුන් දන්නේ නැත.
මීනු පිළිබඳ වැඩි විස්තර සොයා ගැනීමට තැත් කළද එය අපොහොසත් වීම නිසා ඇය වෙනුවෙන් හැකිතාක් දුරට ඕස්ට්‍රේලියාවේ පින් දහම් කිරීමට ඔහු උත්සාහ කළේය. වැඩිපුර වේලාවක් පන්සලේ ගතකළ ඔහුගේ අරමුණ වූයේ මහණ වීමටය.
නවකතා පොත්වල ලියැවී ඇති අවසානය දුක්බර වූ රොමෑන්ටික ආදර කතා කෙතෙක් නම් අප කියවා ඇතිද? හින්දි චිත්‍රපටියක් බලනවිට අප ඇඟිලි ගනින්නේ පෙම්වතාත් පෙම්වතියත් ඔවුන්ගේ ආදර කතාව ජය ගන්නා තුරුය. පෙම්වතිය පෙම්වතා හුදකලා කර මියැදෙන විට එය සත්‍ය කතාවක් නොවුවද අප දෙඇසේ කඳුළු සඟවා බලා සිටින්නේ මිනිසුන් ලෙසින් මානුෂීය සඹන්ධකම් කෙරෙහි අප තුළ ඇති සංවේදීකම නිසාය. මෙය සත්‍ය කතාවකි. පෙම්වතා ඉඳිරියේම පෙම්වතිය පිළිකාවෙන් මියයයි. කිසිම දිනක හැබහින් දැක නැති තරුණියකට බෙහෙවින්ම ආදරය කර ඇය වෙනුවෙන් හැකි සියල්ල කළ පෙම්වතෙකුගේ කතාවයි.
නමුත් මෙහි අවසානය මදක් වෙනස් ය. එය එසේ වන්නේ ඇයි දැයි මම ඔබට කියන්නම්. 2012 වසරේදී මීනු මියගිය පසු එම දුකින් ජීවිතය කළකිරී ඕස්ට්‍රේලියාවේ සිටි කසුන්ට දිනක් යහළුවෙකුගෙන් දුරකතන ඇමතුමක් ලැබෙයි. එයින් කියැවුණේ ඔහුට මීනු ඇයගේ කියා එවා තිබූ තරුණියගේ රුව ඇති තරුණියක් ෆේස්බුක් හි සිටිනා බවත් එම තරුණිය තවම ජීවත්ව සිටිනා බවත්ය. එයින් කසුන් මහත් විශ්මයට පත්වෙයි. පසුව ඔහු එම තොරතුර හරහා වඩාත් විස්තර සෙවීමට පටන් ගත්තේය. මීනු තමන්වෙත එවා තිබුනේ වෙනත් තරුණියකගේ සොරා ගත් ඡායාරූප බවත් ඔහු සොයා ගනී. තවත් තොරතුරු හඹා යෑමේදී ඔහුට දැන ගැනිමට හැකිවන්නේ දකුණු අප්‍රිකාවේ සිට ඩයලොග් රෝමිං ඇතැයි ඩයලොග් දුරකතන අංකයකින් කතාකළ මීනුගේ එම අංකය කිසිඳු දින ලංකාවෙන් පිටත භාවිතා වී නැති බවත්ය. ඔහු වඩාත් කම්පා වන්නේ තමන් මෙතෙක් කල් ආදරය කර ඇත්තේ සහ කතාබහ කර ඇත්තේ මීනු නමින් චරිතයක් මවා පෑ දිල් නමැති තරුණිය සමඟ බව සොයා ගැනීමෙන් අනතුරුවය. ඔහු මුදල් එවා ඇත්තේද එම මුදල් ලබාගෙන ඇත්තේද දිල් නමැති තරුණියයි. වසර තුනක් නොදුටු තරුණියකට ආදරය කළ ඔහු තමන් වසර තුනක් පුරාවටම තරුණියකගේ උගුලකට රැවටුනු බව සොයාගත් පසු ඔහුගේ මුළු ලෝකයම උඩුයටිකුරු විය.
දිල් නමැති තරුණිය බ්ලොග් අඩවියක් හරහා මීනු නමින් වෙනත් චරිතයක් මවා පා ඇති අතර මේ සියල්ල කීබෝඩ් එකක් පිටුපස සිටිමින් ඇය විසින් සිදුකරන ලද රංගනයකි. එම රංගනයට මුළා වූ කසුන් ඔහු ඉපයූ සියළු මුදල් මනඃකල්පිත තරුණියකට ප්‍රේම කරමින් වියදම් කර ඇත. දිල් නමැති තරුණිය කසුන්ගෙන් පමණක් නොව වෙනත් තරුණයන්ගෙන්ද වෙනත් ආකාරයේ නාටක රඟ දක්වමින් මුදල් ලබාගෙන ඇත. අදටත් තමන් ආදරය කළ මීනු නමැති චරිතය දිල් විසින් නිර්මාණය කළ මනඃකල්පිත චරිතයක් බව පිළිගන්නට කසුන්ගේ හිත ශක්තිමත් නැත. වසර තුනක් පුරා පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි එම මනඃකල්පිත චරිතයට කළ ආදරය කොතරම්දැයි දන්නේ කසුන් පමණි. ඇය වෙනුවෙන් වියදම් කළ මුදල් කන්දරාව දන්නේ ඔහුම පමණි. දිල් නමැති තරුණිය ඇය විසින් නිර්මාණය කළ මීනු නමැති චරිතයද සමඟින් පරිගණක දත්ත අතරින් අතුරුදහන් විය.
කසුන් අදටත් ජීවත් වන්නේ වික්ෂිප්තවය.
කතාව මෙතැනින් අවසන් වන්නේද නැත. මේ 2013 වසරයි. දිල් නමැති තරුණිය කිරිල්ලියකගේ නමින් වෙනත් බ්ලොගයක් නිර්මාණය කරගෙන මනඃකල්පිත කතාවක් ගොඩනඟමින් පවතී.මේ මොහොත වන විටත් ඇය විසින් මවාපානා ඇයගේ ජීවිත කතන්දරය කියවා ඇය පිළිබඳ අනුකම්පාවක් සෙනෙහසක් ඇතිකරගත් තරුණයන් බොහෝ ප්‍රමාණයක් ඇයගේ බ්ලොග් පිටු අතර දක්නට ලැබෙයි. මේ ගතවන මොහොතේදී කව්රුන් හෝ දිල් විසින් නිර්මාණය කර දී ඇති මනඃකල්පිත චරිතයකට ආදරය කරමින් සිටිනවා විය හැකිය. අප දන්නා සමාජයේ අප නොදත් කළුවර තැන් බොහොමයක් මෙසේ තිබෙන බවත් එම කළුවර අතර බොහෝ දේ සිදුවෙමින් පවතිනා බවත් ඔබ දැනගත යුතුය.

රමේෂා සිරිවර්ධන

ලකෆ්‍රෑන්ස්ට පැමිණි ලිපිය කිසිඳු සංස්කරණයකින් තොරව එළෙසම පළ කර ඇත. මෙම ලිපිය පිළිබඳ සම්පූර්ණ ගෞරවය එම ලිපියේ හිමිකාරීත්වය දරණ පුද්ගලයන් සතු විය යුතුය. 
ලකෆ්‍රෑන්ස් කළේ එය ප්‍රචාරය කිරීම පමණකි.


පසුව ලිවීම (ප/ලි)

පසුගිය "බ්ලොග් අවකාසේ මල් වවනා කබ්බෝ" පෝස්ට් එක නිසා හිත රිදුණු බොහෝ/කීප දෙනෙක් තමන් දන්නා එකම කුණුහරුප ටික යළි යළිත් කියමින් ඒ පෝස්ට් එකේ කමෙන්ට් වැඩි කිරීමේ වියාපාරෙක යෙදී සිටියෝය. ආසාවට එක ක්‍රියේටිව් කුණුහරුපයක් තිබුණේ නැතිය. සමහරු උපකල්පනය කර තිබුණේ ඒ ළඳරු/ළමා කුණුහරුප කමෙන්ට් දමා තිබෙන්නේ "කබ්බෝ" කියාය. ලකෆ්‍රෑන්ස් කමෙන්ට් දාන එකාගේ ජාතකේ හොයන්න යන්නේ නැතිය. දැම්මේ කව්රු උනත් කුණුහරුපවල කොලිටිය නම් පට්ට පජාතය. ඒ ගැන තවදුරටත් කතා කර තේරුමක් නැත්තේය.

ඒ වගේම තවත් කවුරු හෝ කාගේ කාගේද පොටෝ වගයක්ද කමෙන්ට් ලෙස දමා තිබුණෝය. ඒ අතර බ්ලොග්කරුවෙක්ගේ පවුලේ සාමාජිකයන්ගේ අතිශය පෞද්ගලික ඡායාරූප තිබෙන බව ලකෆ්‍රෑන්ස් දැක්කේය. ලකෆ්‍රෑන්ස් කවදාවත් එවන් පජාත වැඩ කිරීමට ඉඩ දෙන්නේ නැතිය. ලකෆ්‍රෑන්ස් එම කමෙන්ට් ඩිලීට් කළේය. 

ඒ වගේම ලකෆ්‍රෑන්ස් තීරණයක්ද ගත්තේය. ඒ කමෙන්ට් මොඩරේට් කිරීමටය. ලකෆ්‍රෑන්ස්ට අම්ම මෝ නැතිවෙන්න බැනලා තිබ්බ කමෙන්ට් පවා අදටත් ඒ ඒ පෝස්ට් වල සුරක්ෂිතව තිබෙන්නේය. නමුත් ගෙදර මිනිහාගේ ඇරියස් ගෑණිගෙන් කවර් කරන පජාත ලයින්වලට ලකෆ්‍රෑන්ස් විරුද්ධය. එම නිසා මින් ඉදිරියට කමෙන්ට් මොඩරේට් කරනු ඇත්තේය. කිසිම අදහසක් හෝ කමෙන්ට් එකක් වාරණය කරන්නේ නැත්තේය. ඒ වගේම පාලනයක්ද තිබිය යුත්තේය. ඇනෝනිමස් කමෙන්ට් අයිතිය ලකෆ්‍රෑන්ස් පවතින තාක් කල් තිබෙනු ඇත්තේය!!!!!

ලකෆ්‍රෑන්ස්ට එක පෝස්ට් එකකට කමෙන්ට් සීයක් දෙසීයක් වට්ටා ගැනීමේ උණක් නැත්තේය. එම නිසා කමෙන්ට් නොදැම්මත් කමක් නැත්තේය. ලකෆ්‍රෑන්ස් තමන්ගේ ගමන යන්නේය. 

(ප/ප/ලි)
නායක කබ්බාගේ රුව රැගත් පෝස්ට් එක නුදුරු අනාගතයේදී.....